දුප්පත් කියාdhuppath kiyaa

Duppath Kiya

සංගීතය:
ප්‍රගීත් පෙරේරාpragiith pereeraa
පද රචනය:
හර්ෂණ කේ පෙරේරාharshana kee pereeraa

ගී පද

දුප්පත් කියා මා දැන දැන ඔයා මට ළංවෙලා
අරමුණු ඇතිකළා මගකට ඇවිත් මා නූගත් කියා
මගේ ජීවිතෙත් එක්ක සෙල්ලම් කළා
අහිතක් හිතේ නෑ හදවතේ
ඇති වේදනා දන්නේ දෙනුවන් මගේ
තනිවුණු වෙලේ දුක අද මගේ උඩ ඉන්න 
දෙවියොත් නෑ දැකලා ළඳේ......

කලට පමණක පෙමට හිරිහැර කෙරුවේ නෑ
සත්තකින් මා ළඳේ දුකට ඔබ හැර 
සැපට ඔබ ළඟ ඉන්න මැව් හීන නෑ මා කෙරේ
මග තොටක අප ගැහුණොතින් මුණ 
යන්නෙපා නාඳුනනවා වගේ
තරහා නෑ ඔබ ගියත් මා හැර 
ඉන්න තැන ඉන්න සතුටින් ලොවේ......

අහිතක් හිතේ නෑ හදවතේ
ඇති වේදනා දන්නේ දෙනුවන් මගේ
තනිවුණු වෙලේ දුක අද මගේ උඩ ඉන්න 
දෙවියොත් නෑ දැකලා ළඳේ......

නොදැනගෙන නොව බැඳුනේ ඔබ මට
දැනගෙනයි මාගේ වූ ජීවිතේ
මගක මා ගැන මට මතක් කර 
වේදනා දුන්නේ ඇයි මේ ලෙසේ
රැවටුණා බව දන්නවා මම 
කමට දුපත් හිත අද මගේ
තරහා නෑ ඔබ ගියත් මා හැර 
ඉන්න තැන ඉන්න සතුටින් ලොවේ......

දුප්පත් කියා......