දුඹුරු ළමිස්සී (සංතාප තැවුල් නම්)dhumburu lamissii (santhaapa thaewul nam)

Dumburu Lamissi (Santhapa Thawul Nam)

සංගීතය:
චින්තක ජයකොඩිchinthaka jayakodi
පද රචනය:
රනුක ජීවන්තranuka jiiwantha

ගී පද

සංතාප තැවුල් නම් මං වින්දා ජීවිතේ
පින්තාරු හාදකම් තනි කළා ආදරේ
හැන්දෑව ඉඩෝරේන් ගිලිහුණා කඳුලකින්
ගිම්හාන කවුළුවෙන් ඉගිලුනා ඔබ මගෙන්…

(එදා සොඳුරු හිතැත්තී
වුණා කඳුළු දනන්නී
නුරා ආල පුරන්නී
මගේ දුඹුරු ළමිස්සී...//)

තරු රෑක ගිමන්හල් තනිකමේ වරු ගණන්
උදුරන්න බැරි තරම් ආදරේ මහමෙරක්
හැමදාම හඬන ඇස් පේවෙලා නුඹෙ නමින්
හදවතේ ගැඹුරු තැන් මියැදේවි තත්පරෙන්…

එදා සොඳුරු…//

කවිකාර මතකයන් නොදොඩාවි හෙට ඉඳන්
තනිපාළු අඳුරකින් නවතින්න මට වරම්
ඉඳුරාම වෙනස්කම් ඉවසන්න හුරු කරන්
නොකියාම ජීවිතෙන් බොඳවුණා නුඹෙ සුසුම්…

එදා සොඳුරු…//

සංතාප තැවුල් නම්...

එදා සොඳුරු…//