දුමාරාdhumaaraa

Dumara

සංගීතය:
යුකී නවරත්නyukii nawarathna
පද රචනය:
යශෝධා අධිකාරිyashoodhhaa adhhikaari

ගී පද

මේ වෑහෙනා
දුමාරේ පාවෙලා 
අයාලේ ඈ සොයාවී රෑ පුරා..
වසන්තේ මල් පවා
දැවේවී ඈ නිසා 
ගෙනේවී රේණු ගානේ ඒ සුවේ..
මවාවී දෑස මානේ ආදරේ..
සරාවී සිහිනයේ මේ යාමයේ...

දුමාරා...
නිවාවී පපුතුරා ඒ ආදරේ..
දැවීලා...
මවාවී මත් වෙමී මේ රාත්‍රියේ..

මත් වී පාවෙවී හිඳිද්දී සීත රෑ
නිම්නාද වේ සුසුමේ සරේ
හංගාලා ඉවසාලා මා දරා
මත් මල් දැවේවී මුව කොණේ
මවාවී දෑස මානේ ආදරේ
සරාවී සිහිනයේ මේ යාමයේ

දුමාරා...
නිවාවී පපුතුරා ඒ ආදරේ..
දැවීලා...
මවාවී මත් වෙමී මේ රාත්‍රියේ..