ගී පද
දුලා නෙතු පුලා දිසි ස්වර්ණලතා
සේ මේ ලඳා දුලා නෙතු පුලා
ලත් හිරු රැස් ලෙස පද්ම විකසිත
සිත් මාගේ පත් වේය තෘප්ත විලසට…//
කසුන් ලොව තුලා රසඳුන් නයනා
ලේප කරන කසුන් ලොව තුලා
මේ කුමරුන් හට වන්නට පියඹ
සන්තෝස වේද සිත් අසනු කුමට…//
දුලා නෙතු පුලා දිසි ස්වර්ණලතා
සේ මේ ලඳා දුලා නෙතු පුලා...