ගී පද
දුල් නිමල් සිසි සේ දිසි සර දඹරේ
දිසි සර දඹරේ සිරි
කල් අකල් නිතරේ රැඳි පුර මැදුරේ සිරි//
තෙද නැඹලා කිත් පතලා…//
රිසි ලන්දූ නයන නිති රැන්දූ රසාඳුන
බන්දූ මපිය නරනින්දු සසෝබන//
සව්සැපත් එකට පත්කල අයුරේ...
පත්කල අයුරේ...
ගරු සව්රියත් දනන් වසන මේ නගරේ//
සිප්සලේ... බොහෝ කාලේ//
සිට සරු නැණින සුර ගුරු සදිසි ඒ
ඇඳුරු වෙතෙහි නිරතුරුම වසනෙමි//
තුන් රුවින් සලෙල බිඟු ලොල් කරන…
බිඟු ලොල් කරන…
සුනිමල් කමල් මෙපුර වරඟන උවනා//
සක මෙමගේ... දුක නොහැඟේ//
යන සුබාරු සිරුරෙසු රඹාකිකල ලැබ
තබා මසිත එපියඹා විඳිනු වෙද//
දුල් නිමල් සිසි සේ දිසි///
සර දඹරේ... දිසි
සර දඹරේ... සිරි
කල් අකල් නිතරේ රැඳි පුර මැදුරේ සිරි
කල් අකල් නිතරේ රැඳි පුර මැදුරේ…