දුකම විඳින්නටdhukama windinnata

Dukama Windinnata

ගී පද

දුකම විඳින්නට දුක උහුලන්නට
දුකෙන් උපන් දරුවෝ
දුකට වරම් ලද මිහිමවගේ දරුවෝ
මිහිතලයේ  දෙවියෝ //

උණුදිය කහටින් දෙතොල තෙමා
රළු කළුගල් වැලි සිරස දරා
සෙවනක් නැතිවද රටට සෙවන දී
පලංචියේ වඩිනා මිහිතලයේ දෙවියෝ

දුකම විදින්නට ....

උනු වැලි ගින්නේ පැලුණු දෙපා
මලින් ගදින් පුද දී බැති පා
පින් ලැබ ගන්නට සැදෙව් පෙලින් පෙළ
අප රකිනා දෙවියෝ හිමි පාමුල වැඩියෝ

දුකම විඳින්නට ........