දුකක් දැනුණාdhukak dhaenunaa

Dukak Danuna

ගී පද

දුකක් දැනුණා ... නෙත පොවන මානයේ හිටියත් 
නෙත පුරා වත බලා ගන්නට ඉඩක් නැති හන්දා
දුකක් හිතුණා ... හඩ ඇසෙන මානයේ හිටියත්
හිත පුරා හඩ අසා ගන්නට ඉඩක් නැති හින්දා

ගගන විසිරුනු සිගිති තරු පෙති ඉකිගසා හැඩුවා
අයාලේ යන පාළු හුලගත් හූල්ලනවා වගේ දැනුනා

දුකක් දැනුනා ....

කඳුළු වැස්සය තෙමුණු මල් පෙති සැඟවිලා උන්නා
සිඟිති කඳුලැලි දරාගන්නට බැරිව මිහිළිය සුසුම් හෙළුවා

දුකක් දැනුණා ....