ගී පද
දුක විතරක් මිට මොළවන් ඉපදුණු මට තව දුක් දුන්නා
ඔබ විතරක් මනසේ තියන් උන් මට සරදම් ඔබ කෙරුවා
අපි විතරක් මේ ලොකේ තනි වෙමු කී ඔබ වෙනස් වුණා
බොරු විතරක් මට කියලා අද මගේ ලෝකෙන් දුරස් වුණා
බොරු විතරක් මට කියලා මගේ ජීවිතයෙන් ඈත් වුණා........
ආදරේ දුන්නේ වේදනා වින්දේ දිනෙක ඔබේ වෙන්නමයි
ඔබගේ තුරුලේම මියෙන තුරු ඉන්න හීන දැක්කා තමයි
මා තනි කළා ඈතට ඔබ ගියා
තව හිතේ ඉඩ තියන් මම ඉමි මග බලන්.......
සුබම සුබ වෙන්න පතනවා ඔබට හිතට එකඟව ඉතින්
ඉන්න බැරුවාට අයිති වී ඔබට මේ පණ ඔබේ ඉතින්
නෑවිත් ඉන්නෙපා ඉන්න මා මැරුණු දා
මම නිසා ඔය නෙතින් කඳුළු නම් එන්නෙපා.......
දුක විතරක්......