දුක තද කරන්dhuka thadha karan

Duka Thada Karan

ගී පද

දුක තද කරන් මහමෙර තරම් 
මට ඉන්න බෑ ඔබ නැතිව නම්
අපි හමු වුනත් ඉඳහිට යළිත් 
එක් වෙන්න බෑ කවදාකවත්
නිතර වැටෙනා කඳුළට ඉතින් 
කතා කරගන්න පුලුවන් නම්
කියයි හඬගා ලොවට මතු දා 
ඔබට මම ආදරේ කියලා

දුක තද කරන් මහමෙර තරම් 
මට ඉන්න බෑ ඔබ නැතිව නම්

විටෙක ළං වෙලා විටෙක වෙන් වෙලා 
ගෙවෙන අපේ ආදරේ
කෙළවරක් සොයා තවම තැවෙනවා 
මැරී මැරී ජීවිතේ 
කොහොම පිළිගන්නේ මම නම් 
ඔබේ දෑත අහිමියි කියා

දුක තද කරන් මහමෙර තරම්..

නොනිද රෑ පුරා දෙතැනකට වෙලා 
හිමි අපේ ඉරණමේ
දැනෙන වේදනා වචනයෙන් කියාගන්න 
බෑ පණ මගේ
නොදක හිනැහෙන්නේ කොහොමැයි 
කියා දෙන්න ඇවිදින් සොයා

දුක තද කරන් මහමෙර තරම්..

නිතර වැටෙනා කඳුළට ඉතින්..