දුක නැද්දdhuka naedhdha

Duka Nadda

ගී පද

දුක නැද්ද තාම දැනුනේ මම නෑ කියා 
රැක ගන්න හීන මැව්වේ ඔබවයි මෙමා 
පියාබන්න කව්ද කිවේ අහසින් ඒහා 
අදත් ඔයාගේ මතකේ මම නැවතිලා

දෙකොපුල් දිගේ නිතැතින් කදුලක්  ගලා 
හසරැල් ගෙනාව දිනයන් පෙගිලා ගියා 
ඔබගෙන් තරම් පෙම් වදන් නෑ ලැබිලා කවදාකවත් 
හඩවලා ගිය දා මා උන් තැනම තනියෙන් සදා 

පැහැදුල් නුවන් රහසින් දොරගුල් දමා 
දෙහදක් පුරාම සිහිනේ සිහිසන් වෙලා 
මට මේ තරම් සෝ සුසුම් විදවන්න බෑ රත්තරන් 
හඩවාල ගිය දා මා උන් තැනම තනියෙන් සදා 

දුක නැද්ද තාම දැනුනේ මම නෑ කියා../