දුක මගේdhuka magee

Duka Mage

සංගීතය:
Amusync එන්ටර්ටේන්මෙන්ට්amusync entarteenment
පද රචනය:
සජිත් චතුරංගsajith chathuranga

ගී පද

දුක මගේ දැනෙනවා නම් දුර රැඳෙන් නැහැ ඔබ නම් 
අඬවලා මා සදා හැරගියා ඔබ එදා 
ලැබුනොතින් මට ඔයා වේදනා සඟවලා 
ආදරෙන් රැඳෙනවා 

කඳුලු ජීවිතේ නතරවී ගියේ ඔබව අයිතිවූ දිනමයි 
මට ඔබේ සෙනේ අහිමි වී ගියේ පෙර දිනේ කෙරූ පවටයි 
හද සුසුම් හැර දමා දුක හිතේ නවතලා 
ලැබුනොතින් මට ඔයා වේදනා සඟවලා       
ආදරෙන් රැඳෙනවා

ඔබගෙ ආදරේ රැඳුන මා හදේ ඉතිරි වේදනා පමණයි 
මතක මාරුතේ හමන යාමයේ මටද මාව දැන් අහිමියි 
නව පෙමින් වෙන් වෙලා හඬන දා ඉකි ගසා  
ලැබුනොතින් මට ඔයා වේදනා සඟවලා       
ආදරෙන් රැඳෙනවා

දුක මගේ දැනෙනවා නම් දුර රැඳෙන් නැහැ ඔබ නම් 
අඬවලා මා සදා හැරගියා ඔබ එදා 
ලැබුනොතින් මට ඔයා වේදනා සඟවලා 
ආදරෙන් රැඳෙනවා