දුක හිතුනම සනසවන්නdhuka hithunama sanasawanna

Duka Hithunama Sanasawanna

සංගීතය:
රොෂාන් ප්‍රනාන්දුroshaan pranaandhu
පද රචනය:
රොෂාන් ප්‍රනාන්දුroshaan pranaandhu

ගී පද

දුක හිතුනම සනසවන්න
හිත බිදුනම හදාදෙන්න
ලඟින් උන්නු ආදරී...
අද වෙනෙකුට හාදවී...

කම් නෑ ඔබ දුරස්වෙන්න
හැකිනම් හිත හදාගන්න
හිතුනා හිත ආදරී...
දුක හිතුනා මගේ ආදරී...

හුස්මක් හුස්මක් ගානේ ඔබවයි සැමදා පැතුවේ
වෙනකෙනෙකුන් ගැන මොහොතක්වත් නෑ සිතුවේ
කඳුලැල් බොඳවී දෙනෙතේ ඔබවයි සිහියට එන්නේ
හැරයන්නට සිතුවද වෙන්වෙලා මේ ලෙසේ...

සුභ පතනෙමි හදවතින් ඔබට
වරදින්න එපා කවදාවත්
මගේ ආයුෂත් අරගෙන ඉන්න දෙව්ලියේ...

දුක හිතුනම සනසවන්න...

ලෝකයේ ගැරහුම් හමුවේ අසරණ සිත වැලපෙන්නේ
හදාගන්න මේ හිත මට නැහැ තේරෙන්නේ
දෛවයේ සරදම් හමුවේ ඔබ මට අහිමිව යන්නේ
මියයන මොහොතෙත් මම ඔබ ගැනයි සිතන්නේ....

සුභ පතනෙමි හදවතින්...

දුක හිතුනම සනසවන්න.../