දුක හිතුනද පැන්චියේ ළඟ නැහැ කියලාdhuka hithunadha paenchiyee langa naehae kiyalaa

Duka Hithunada Panchiye

ගී පද

දුක හිතුනද පැන්චියේ ළඟ නැහැ කියලා...
දුර රටකට මන් ගියේ අපි ගැන හිතලා..
ඔබේ සුවඳම ළඟ තියේ අනේ නැහැ මැකිලා...
පපුවම මගෙ ඇවිලුනේ හීනෙන් දැකලා...

හඬවන්නේ නෑ හිත පාරන්නේ අද හෙට මන් එන්නේ ඉගිලිලා....
වැලපෙන්නේ හදවත කකියන්නේ කඳුලැලි රූරන්නේ ඔබ නිසා....

ඔබෙ රුව ඇත මා ළයේ ගැඹුරට ඇඳිලා...
නැත හිත කොහෙවත් ගියේ ඔබෙ ළඟ ඉඳලා...
සිප ගත් හැටි ගොම්මනේ
ඔය ඇස් වහලා....
මතකද මන් හැන්ගුනේ උණුහුම හොයලා...

හඬවන්නේ නෑ හිත පාරන්නේ අද හෙට මන් එන්නේ ඉගිලිලා....//