දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්dhuka dhanne wena kawudha aes dheka tharam

Duka Danne Wena Kauda

ගී පද

දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්
මම උන්නෙ ඔබෙ වෙන්න අත් දෙක අරන්
එනමුත් අපේ කරුණු එක්කර තවත්
සැනසෙන්න බෑ එතුල ඇත්තෙම දුකක්
දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්

හැර යන්න ආදරයෙ නිර්මල පැතුම්
පාරන්න හිතුවාද ඇති කර ගැටුම් //
වැළපෙන්න බැරි හිතට මේ හැටි රිදුම්
පෑහෙන්නෙ නෑ වැරදිකාරියෙ ඉතින්
දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්

ඝණඳුරට පෙම් බඳින තරු යායට
මල් යාය විකසිත වෙලා කුමකට //
මං ආයෙ හිනැහෙන්න උර මඬළට
ළං වෙන්නෙ නෑ කඳුළු පූජා කර

දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්
මම උන්නෙ ඔබෙ වෙන්න අත් දෙක අරන්
එනමුත් අපේ කරුණු එක්කර තවත්
සැනසෙන්න බෑ එතුල ඇත්තෙම දුකක්
දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්