දුබල එලිය ඇති dhubala eliya aethi

Dubala Eliya Athi

ගී පද

දුබල එලිය ඇති පුංචි කාමරේ
තනි යහනක තනි වෙලා ආදරේ
හිතේ කිසිතෙතක් නැතිව මා කෙරේ
අරන් ගියා ඔබ ඔබේ ආදරේ
මීවිතකට ලොල්  වී
අපිළිවෙලයි අද මා

බැඳී වරදකට නොහික්මුණු කමින්
මගේ චපල හිත හින්දා//
ඔබේ සිතේ ඔබ මා වෙනුවෙන් තැනු
අහස් මාලිගා බින්දා
අහස් මාලිගා බින්දා

මගේ සිත අවනත නොමැති කමින් 
සිදුවුනේ මොනවද මන්දා//
දනී හැරෙන විට හිමිගේ හොර හිත
ඉවකින් වගේ බිරින්දා
ඉවකින් වගේ බිරින්දා

දුබල එලිය ඇති .../