ගී පද
(දුබල ඇසට නොපෙනුනාට
වලාකුලක සැඟවුනාට
තනි තරුවක් අහසේ නෑ පායන්නේ
(සිතැඟි මිරිගුවක් පමණයි) //)//
දුක් වන්නට තනිවුනාට
තනියම රෑ වැලපුනාට
සක් කවයේ සුව සැප කැරකේ
නොමල ගෙයක අබ ඇටයක් නෑ//
දුබල ඇසට....//
සැප දක්මින් හිනැහුනාට
ලොවක් පෙරලා දැන්නුවාට
සක් කවයේ සුව සැප කැරකේ
සමඟ සිනාවෙන කිසිවෙක් නෑ//
(දුබල ඇසට නොපෙනුනාට
වලාකුලක සැඟවුනාට
තනි තරුවක් අහසේ නෑ පායන්නේ
(සිතැඟි මිරිගුවක් පමණයි) //)//