දෝත පුරා මුතු මාල ලතාdhootha puraa muthu maala lathaa

Dotha Pura Muthu Mala Latha

සංගීතය:
බන්ධුල විජේවීරbandhhula wijeewiira
පද රචනය:
උපාලි ධනවලවිතානupaali dhhanawalawithaana

ගී පද

දෝත පුරා මුතු මාල ලතා
දෑස පුරා මනමාල කතා//
ඈත හිමේ සුදු සේල ඔතා
නැලවෙන කුසුමේ නාරි ලතා...

යෞවන මල් රතු කැකුළු
පුබුදින රන් මුව මුකුළු//
දෙතොල් රුවින් මන රංගන//
සැඟවෙයි කිරි මුතු පබලු...

දෝත පුරා මුතු මාල ලතා...

නිල් මුතුලැල් නළල් පටේ
නෙත් මිණි කැන් පහන් වැටේ
සුපුල් උපුල් රන් ඕවිලි//
ඔබේ රුවින් හඬා වැටෙයි...

දෝත පුරා මුතු මාල ලතා...