දොර කවුළුdhora kawulu

Dora Kaulu

ගී පද

දොර කවුළු විවර කරන අරුණ උදයේ
සීතල සුළඟ ඔබේ සුවඳ රැගෙන හමවා
නිදි යහන දෙනෙත නිසල කරන මොහොතේ
රෑ ඝන අඳුර ඔබේ සිහින මසිත සදාවා

හද පෑදී රිදුම් තෙමා වැටෙන විට සළු පිළි
විෂ හී සර පහර වැදී
දවා නැගෙන විට සෝ ගිනි
සීත ගඟුළක් වී මා දොවමින් ගලාවා

බියකරු දිනි සටන් බිමේ පිළිරුව් දෙන විට රණ ගොස
තනි වී දිවි සොාහාන් බිමේ
මළ පොත ගෙන විට පෙරළෙන විට
මාල ගිරවෙකු  වී මා ගයාවා