දූවිල්ලේ පිපුණයිdhuuwillee pipunayi

Doowille Pipunai

ගී පද

(දූවිල්ලේ පිපුණයි දූවිලි රොන් සුවඳයි
වීදි පුරා පොකුරු ගැහෙන නම නොදන්න මල්
අපට කොහෙද පූජාසන වසන්ත සල්පිල්....//)

(රෑ හිරිකඩ ඇවිදින් දැන් ඉස ඉස යනවා
දාවල ඉර ඇවිදින් නෙතු පිය ඇහැරෙනවා....//)
අපි මල් වගේ තමයි සුවඳට පෙම් බඳිනා...

දූවිල්ලේ පිපුණයි.....

(රන් මිරිවැඩි දෙපයට පෑගි හිත රිදෙනා
අතපා ඉල්ලන විට බඹරුන් ඔරවනවා...//)
අපි මල් වගේ තමයි කවදාහරි පිපෙනා.....

දූවිල්ලේ පිපුණයි.....