දොන් තරිකිට දොන්dheaan tharikita dhon

Don Tharikita Don

සංගීතය:
උපුල් පෙරේරාupul pereeraa
පද රචනය:
චන්ද්‍රරත්න මාපිටගමchandhrarathna maapitagama

ගී පද

(දොන් තරිකිට දොන් තරිකිට දොන් තරිකිට දොන් 
කජ්ජ ගහේ පුහුලම බිම දොන්)..//
ඇත්ත තිත්ත බව කිව්වත් ලෝකයේ 
බොරුව තමයි තිත්තම මගෙ යාලුවේ  
බොරුව වටේ හා..හා.. බොරුව වටේ කොච්චර පැණි දැවටුවත් 
ඇත්ත තමයි මිහිරිම මගෙ යාලුවේ  

බොම්බයි මොටයි ආ..ආ.. බොම්බයි මොටයි පාටට සායම් කලත් 
බේගල් කලුගල් වෙන්නෑ කවදාවත් 
විච්චූරන තාලෙට පද බැන්දුවත් 
නරි වාදන් බව පේනවා දැක්කමත් 
අම්මපා ඇත්ත.. අම්මපා ඇත්ත   

වැල යන අත..ආ..ආ..වැල යන අත මැස්ස ගහන සනුහරේ 
අරුමෝසම මුල් කරගෙන ජරමරේ 
සව්බර විලසට කෑවට ජීවිතේ 
පවුබර හින්දම තොලොංචි වී ඇතේ 

දොන් තරිකිට දොන් ....
ඔව්..ඔව්.. 
(ඇත්ත තමයි මිහිරිම මගෙ යාලුවේ)..//