දොඹ මල් කැලෑවේdhomba mal kaelaewee

Domba Mal Kalawe

ගී පද

දොඹ මල් කැලෑවේ බඹරන් ගැයූ
කවියක් වගේ ආදරේ
අත් වැල් බැඳන් යන්න ළංවී ළඟින් ඉන්න
සංසාර ගිරි දුර්ගයේ

රෑ පිණි පොදේ සීත මිටියාවතේ
මේ කේතකී මල් වනේ
සඳ සේ උදා වූ සෙනෙහේ නිමා වේද
දුක් දොරකඩින් හෙට දිනේ

කටු කුඩු මතින් එන්න උර ගාව ගාවා
හිනැහී දෙතොල් ඉරි තලා
පෑදුණු සඳක් නිසරු අහසේ පිපේවා
කටු වැට උඩින් පායලා