දොල ලඟ ගුරු පාර දිගේdhola langa guru paara dhigee

Dola Langa Guru Para Dige

ගී පද

(දොල ලඟ ගුරු පාර දිගේ ඒවී
සිනහ පපා ටිකිරි නඟා...//)

(දිය නාගෙන කුඹුක් ලිඳේ නංගෝ 
සුදට සුදේ වන මල් ගසාලා හිසේ...//)
නැලවී නැලවී සීතේ ගී තාලෙන් 
මේ යන්නේ කොහිදෝ කැලෑ මගේ ඒවී 
සිනහ පපා ටිකිරි නඟා....

දොල ලඟ....//

(සැන්දෑවේ සිරියාවේ පිහිනා නගෝ
නීල වලා පාවී සිනා....//)
රෑ බෝවී එන්නේ මේ සුදු මැණිකෝ දැන් 
ඇයිදෝ මේ තාම වෙලේ ගෙදර නොයා ඒවී 
සිනහ පපා ටිකිරි නඟා.....

දොල ලඟ..../

(ඇයි නෑවේ සීත සැඳෑ යාමේ 
තෙත කොන්ඩේ බේරේ දිය බින්දු පුරා//)
ඉතිරේ කිරි විහිදේ සිරියාවෙන් 
ගමේ ටිකිරි නඟා - සිරියාවි ගමේ  ඒවී 
සිනහ පපා ටිකිරි නඟා.....

දොල ලඟ....//