දියසායම් සිතුවමක්dhiyasaayam sithuwamak

Diyasayam Sithuwamak

සංගීතය:
බර්නි ද සිල්වාbarni dha silwaa
පද රචනය:
සනත් නිලමුණිsanath nilamuni

ගී පද

දියසායම් සිතුවමක් වගේ රෝස කම්මුල් ඔබගේ
මුවදෙනකගේ දෙනෙත් වගේ අවිහිංසක දෑස ඔබේ
වරක් නොවේ සිය වරක් හොරැහින් බලනු සිතේ
මට කියාදෙන්න ඔබ කව්ද කියා මගේ........

ඔබ ගැන කියන්න කවිපද මා දන්නෑ
ගීයක් කියන්න තනු සිත දැවටෙන්නෑ
මා ගත පෙලෙනා මා සිත දවනා 
සිතුවිලි ගොන්නක් හදවත පතුලේ
කියාගන්න බැරි දෙයක්ද ආදරේ........

මුවඟ සිනා නැගුවා මේ මටද කියා දන්නෑ
ඔබ දෙනෙත් අගින් බැලුවා සිත කොහෙද කියා දන්නෑ
ඔබේ ආදර සිනහව මා හට දී ගියේ ඇයිද කියා දන්නෑ
මගේ හිතට හොරා සැඟවී නොයන් නඟේ.......

මගේ දෑසේ කැඩපත ඔබද කියා දන්නෑ
නෙත දිවෙන දිවෙන අත ඔය රුව වරදින්නෑ
හදවත යටිනා සිහිනෙකි හදනා 
සිතුවිලි ගොන්නක් හදවත පතුලේ
බලාපොරොත්තුව බලා සිටිනවා.......

පාට පිරුණු දේදුන්නක් සේ වැහි වලා අතරේ ඇදේ
සිත බැඳගත්තේ ඔබ ඇයිද නගේ ඉන්ද්‍රජාලයක් වගේ
ඔබ නැති ලොකේ කොයදැයි මා දන්නෑ
මගේද කියා ඔබ තාමත් වැටහෙන්නෑ
ළංවී සිටිනා හදවත් බැඳෙනා
ආදර සිතුවිලි මා හද පතුලේ 
ලබාගන්න බැරි දෙයක්ද ආදරේ
ආදරේ.........