දියළුම දිය ඇලිdhiyaluma dhiya aeli

Diyaluma diya ali

ගී පද

දියළුම දිය ඇලි දිය රැල හා
ගල ගල යයි සමුදුර සොයලා
හද උපදී ආදරේ
සැනසුම් තෙර සොයලා//

අද නැති දේ හෙට මා සොයයි
හෙට හමු වී යළි ඈ සොයයි
ඔබ හමුවේ හද ගී ගයයි
ඔබ ඒ ගීතයෙ රාවයයි
සසර පුරා ඇසු ගීතයේ
රසයේ කිමිදී පැතුසේ

සඳවත කුමටද ඔබ නැතිදා
හිරු නැග පල නැත ඔබ නැතිදා
සඳ හිරු හා ආදරේ
මොකටද ඔබ නැති දා

අද නැති දේ හෙට මා සොයයි
හෙට හමු වී යළි ඈ සොයයි
ඔබ හමුවේ හද ගී ගයයි
ඔබ ඒ ගීතයෙ රාවයයි
සසර පුරා ඇසු ගීතයේ
රසයේ කිමිදී පැතුසේ

පියබර සිතුවිලි මතු අමුණයි
සවණට සැනසිලි හඬ මුමුණයි
කැළඹෙන මේ ලෝකයේ
සහනය ඔබ පමණයි //