දිය පොදක් වෙමින්dhiya podhak wemin

Diya Podak Wemin

ගී පද

දිය පොදක් වෙමින් තොල් වියලෙන පිපාසෙට 
නුග රුකක් ලෙසින් උතුරා යන විඩාවට 
පිපි මලක් උනා මල් නොපිපුණු තටාකෙට 
ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩා මට
ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩා මට

(අරුත් සුන් වදන් පවසන ගිරවු දොඩමලු 
හෙටත් නගපුදෙන් ඔය කිචිබිචිය සුළු සුළු)..//
තිගැස්සී සැනින් ඔබ බියවිය යුතුද බියගුළු 
දකින්නට ලැබෙයි අපටත් සිසිල අරුණළු 

දිය පොදක් වෙමින්....

(ඔබේ පිය වදන් පුදදෙන සහන සිතුවිලී 
අරන් එයි පෙරන් අපමණ සුවය සැනසිලී)...//
සුගන්ධය ලෑබූ දින ඇත අවට වෙලි වෙලී 
මගෙන් රන් මලී කුමටද සැලෙන තරු එලි ...

දිය පොදක් වෙමින් තොල් වියලෙන පිපාසෙට 
නුග රුකක් ලෙසින් උතුරා යන විඩාවට 
පිපි මලක් උනා මල් නොපිපුණු තටාකෙට 
(ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩා මට)..///