දිවුරන්න බැහැ නේද (හදවතේ නිරුවත)dhiwuranna baehae needha (hadhawathee niruwatha)

Diwranna Baha Neda (Hadawathe Niruwatha)

සංගීතය:
රධීෂ් වැන්දබෝනාradhhiish waendhaboonaa
පද රචනය:
රේරූreeruu

ගී පද

හදවතේ නිරුවත නුඹට හංගන්න බෑ
මගෙන් ගැලවී ගියත් හිතෙන් ගැලවෙන්න බෑ
ගින්දරක් නොවුනි නම් දුමක් ඇති වෙන්නෙ නෑ
නුඹ වෙනස් වෙන්නට හේතු නැති වෙන්න බෑ
(දිවුරන්න බැහැ නේද මං ඉදිරියේ
බොරු කරලා ඉපදෙන්නෙ නැහැ සුගතියේ...//)

තිබුණා නම් හංගලා නුඹට මම නොකියනා
ලෝකයක් මටත් නුඹ වගේ 
මාත් අද රජ වෙලා ඔයත් අද පැරදිලා
මං කෙරුවේ නෑ ඒ වගේ
නැවතුනේ හදවතයි මගෙ ආදරේ නොවේ
නැවතුවේ නුඹ මගේ පණ ගැහෙන හදවතයි
(දිවුරන්න බැහැ නේද මං ඉදිරියේ
බොරු කරලා ඉපදෙන්නෙ නැහැ සුගතියේ...//)

නුඹව දණගස්සලා වැරදි හරි ගස්සලා
නෑ පලක් මට නම් තව නුඹේ 
කාටවත් රිද්දලා ඕනෙ නෑ සැරසිලා
විඳින්නට බෑ බලෙන් ආදරේ
නැවතුනේ හදවතයි මගෙ ආදරේ නොවේ
නැවතුවේ නුඹ මගේ පණ ගැහෙන හදවතයි

හදවතේ නිරුවත....