දිවුරලා පවසන්නdhiwuralaa pawasanna

Diwrala Pawasanna

සංගීතය:
තුසිත් නිරෝෂණthusith nirooshana
පද රචනය:
සජිත් දිල්පහන්sajith dhilpahan

ගී පද

දිවුරලා පවසන්න මට ආදරේ නම් 
මගෙ ලෝකේ ඔබ විතරමයි සිතෙනවා නම් 
එය සත්තකයි සොඳුරේ මා මියෙන තාක්කල් 
ඔබමයි මගේ සෙනෙහෙ නෑ දෙන්නේ කාටත් 

හිරු මල් දෑතේ සඟවා වළාරොදක නැගිලා 
සත් සමුදුරුම කළඹාලා  ඔබ වෙතට එනවා 
ඒ ඔය සිනාවේ රැඳී ඉන්න සසරේ 
මුදු මල් යහන මගේ වේද හැමදාක සොඳුරේ 

සියුමැලි ඇඟිලි තුඩු හදට තදකොට තබාලා 
ඔබ සතපන්න තරු අහසේ වියනක් සදාලා 
සුසුමක් හෙලෙන හැමවරෙක ඔබමයි සිතාලා 
නිදියන්න මගෙ මැණික මට තුරුළු වීලා...

හිරු මල් දෑතේ සඟවා වළාරොදක නැගිලා... /