දිවි කතරට ගංගාවයි මට හමුවු ගංගාdhiwi katharata gangaawayi mata hamuwu gangaa

Diwi Katharata Gangawai

ගී පද

දිවි කතරට ගංගාවයි මට හමුවු ගංගා
දිවි ඇති තුරු මගෙ සරනට ඔබම වේය ගංගා
දිවි ගමනේ ජය මාවත හදුනා දුන් ගංගා
ඔබෙ සෙනෙහස නොලැබුනු දා මා තනිවෙයි ගංගා

මලක මෙලෙක කියා දුන්නේ ඔබෙ දෑතයි ගංගා
ඒ අයුරින් මා සිත සතපවන්න මගෙ ගංගා
පුර සද සේ මුව මඩලින් සෙනෙහස දුන් ගංගා
හැම දිනකම මා හමුවී සිනාසෙන්න ගංගා
දිවි කතරට ගංගාවයි....

ඊයේ රෑ මා සිහිනෙන් දුටුවේ ඔබයි ගංගා
මා හැරදා අළුයම ඔබ වෙන්න ගියා ගංගා
මේ අයුරින් හැම දිනකම සිත සනහා ගංගා
වෙන්ව නොයා ජීවි ‍තේ අරුණ වෙන්න ගංගා

දිවි කතරට ගංගාවයි ...