දිවසරාවීdhiwasaraawii

Diwasaravi

සංගීතය:
ලහිරු සංදීප්lahiru sandhiip
පද රචනය:
කවිඳු මිල්ලගලkawindu millagala

ගී පද

සියොළඟින් හැඩගෙන ජීවිතයේ 
හද සොරාගෙන 
රොන් සුරල් දී වෙලා දෑසින් 
පැතුමන් දරාගෙන 
මා වෙලාගෙන විසිරුවයි මන 
මිහිලියේ නුඹෙ සිතේ 
ආදරයෙන්.... 

මා ලොවේ රූ සොබාවී 
පෑ රුවින් මත් කරාවී 
සිත් මලින් නිති සිනාසී 
දිනිඳුනාරී 
දිවසරාවී... 

චඳු කුමරි නුඹ ගගන දිදුලන 
සුරලියන්ගේ රුසිරු පරදන 
ඉඳු සරින් මන බිඳෙන මොහොතක 
මත් කරයි හද දිවසරින් ඔබ

මා ලොවේ රූ සොබාවී 
පෑ රුවින් මත් කරාවී 
සිත් මලින් නිති සිනාසී 
දිනිඳුනාරී 
දිවසරාවී... 

දේහනාරී අසිරි පෑ කල 
නිතිවෙලයි නෙතු බඹරිදුන් දැක
අසුරු සේනා රොද වඩන විට 
නොම දියන් සඳේ 
ලදලු දෙතොල් නුඹේ....

මා ලොවේ රූ සොබාවී
පෑ රුවින් මත් කරාවී
සිත් මලින් නිති සිනාසී
දිනිඳුනාරී 
දිවසරාවී...