දිව්‍යාංගනාdhiwyaanganaa

Divyaangana

සංගීතය:
චන්දන වල්පොලchandhana walpola
පද රචනය:
සචිනි බාලසුරියsachini baalasuriya

ගී පද

රෑ අහසේ රූ රටා මවමින් සුසුඳු සඳ ඔබ හිනැහුණා
ඔබ එළිය හා පෙමින් බැඳෙමින් සියක් තරු රැඟුමන් කළා
එයින් තරුවක් සෙමෙන් රහසේ ඔබේ සවනට කොඳුරනා 
ආදරේ රන් රහස ඇසුණිද ප්‍රේමියේ දිව්‍යාංගනා.......

මිහිරාවියේ මා දනිමි ඔබ රුව දුරයි මා නෙත් ඉසව්වේ
හීලෑම නෑ හිත ඔබව යැදුවා විඳින්නට ප්‍රේමාදරේ
දෙව්ලියේ ඔය මදහසේ පෙම් හීන මැවුණා අනන්තේ
සිඹිමි සිය වර ආදරෙන් මං බලත් සේ රන් රූ ඔබේ.......

රෑ අහසේ රූ රටා.......

සැබෑ වී මා පිරූ ප්‍රේමය වේදනා නවතා හදේ
පායාලා ඔබ මගේ ලෝකේ එළිය ගැලුවා ආදරේ
දෙව්ලියේ තරු එලි නිවා ඔබ හිනැහුණා මා තුරුල්ලෙන්
සහකාරියේ අපේ ආදරේ නිම්නාද දේ මේ විශ්වයේ........

රෑ අහසේ රූ රටා........