දිවි කතරට ගංගාවයිdhiwi katharata gangaawayi

Divi Katharata Gangawai

ගී පද

දිවි කතරට ගංගාවයි මට හමුවූ ගංගා
දිවි ඇති තුරු මගෙ සරනට ඔබම වේය ගංගා
දිවි ගමනේ ජය මාවත හදුනා දුන් ගංගා
ඔබෙ සෙනෙහස නොලැබුනු දා මා තනිවෙයි ගංගා

ඊයේ රෑ මා සිහිනෙන් දුටුවෙ ඔබයි ගංගා
මා හැරදා අළුයම ඔබ වෙන්ව ගියා ගංගා
මේ අයුරින් හැම දිනකම සිත සනසා ගංගා
වෙන්ව නොයා ජීවිතයේ අරුණ වෙන්න ගංගා

දිවි කතරට ගංගාවයි මට හමුවූ ගංගා
දිවි ඇති තුරු මගෙ සරනට ඔබම වේය ගංගා

මලක මෙලෙක කියා දුන්නෙ ඔබෙ දෑතයි ගංගා
ඒ අයුරින් මා සිත සතපවන්න මගෙ ගංගා
පුර සඳ සේ මුව මඩලින් සෙනෙහස දුන් ගංගා
හැම දිනකම මා හමුවී සිනාසෙන්න ගංගා

දිවි කතරට ගංගාවයි...