ඩිෂුම් ඩිෂුම් ඩිෂුම්dishum dishum dishum

Dishum Dishum Dishum

ගී පද

ඩිෂුම් ඩිෂුම් ඩිෂුම් අතුරු මිතුරු දඹදිවතුරු
අනේ අනිච්චං මෙහෙමත් සමයං…//

කන් කන් බූරු සිං සිං නෝරු….
පොල්පෙති අසුටද තුවක්කුවටද නංගී මල්ලී කියමු ආදරේ 
වැලිබත් උයාපු කෝම්පිට්ටු හැදු අම්මලා තාත්තාලා 
පුංචි පුතාගේ උපන් දිනේ දා තුවක්කුවක් දීලා
හම්බ කරපු හැම සතේම දාලා දරුවගේ සෙත පතලා
පළවෙනියා වූ මේ දරුවට යුද්ධෙට ඉඟි දීලා…

ඩිෂුම් ඩිෂුම්…//

කුරුම්බැට්ටියෙන් කොස්කොළ මැහුවට
සමගිදමින් අපි වැලි බත් ඉව්වට
අපේ පුංචි විය එහෙම ගෙව්වට දරුවට ඒවට අපෙන්ම නෑ ඉඩ
දුවන මොළේ මොලවන ගැමි සෙල්ලම් මෝඩයි හඳුනාලා
පිටරටකින් එන ඕනේ කුණු ගොඩක් පොඩි දරුවට දීලා…

ඩිෂුම් ඩිෂුම්…//