දිරිය දෝණි (‌තේමා ගීතය )dhiriya dhooni (theemaa giithaya )

Diriya Doni

සංගීතය:
තිලිණ රුහුණගේthilina ruhunagee
පද රචනය:
දුමින්ද අලහෙන්ද්‍රdhumindha alahendhra

ගී පද

මහා පුදුම ඉපදීමක ආදරයක් මා කුසේ දරා 
සිටියේ කොහොමද නොදනී දෝණී - බැඳුණේ පෙරුම් පුරා 

සිනාසෙන්න උගනී මං අම්මේ ඔබ මෙන් පවන්සලා
හැබැයි නොවේ කාටත් බියවන්නේ - කාල වළාවකි මා

මගේ දිරිය දෝණී…///
ඔබයි දිරිය දෝණී

මල්පෙති සිවුමැලි රෝස පාට අත් තෙද බල විකුම් ගෙනා 
ඊට සනුහරේ එදිරිව හැසිරේ - නුඹ රැක ගනිමී මා

අරමුණ දිනවන ඉරණම දැක දැක පසු නොබසින රිසිනා
පෙරමුණ අරගෙන ඉදිරියටම යමි - ඔබෙ ගුණ රකිමින් මා

මගේ දිරිය දෝණී…///
ඔබයි දිරිය දෝණී

අහසේ කෙළවර දිනා යන්න හැකි වෙනතුරු සෙවණ දෙමී 
රකුසන්ගේ හිරිහැර කරදර බිඳ - සෙවණැල්ලේ බැඳෙමී 
 
ආදරේ මතුරා කියනා මුව වදනින් සිසිල විඳී
නුඹේ සෙනෙහෙ දිරියෙන් වීරිය ගෙන - මේ ලොව ජය ගනිමී 

මගේ දිරිය දෝණී…///
ඔබයි දිරිය දෝණී