ගී පද
දිනෙක රන් සළු පළඳා
සඳ නැඟි මේලාවෙන්
පැමිණ ඔබ ගෙන යමි කුමරියෙ
පෙම් දෝලාවෙන් //
ඇසුරු කළ කම්පන හා සැනසිලි පස මිතුරූ
ගෙවුණු යෞවන විය තනි නොතනියෙ උන් අයුරූ
නැවත නොලිහෙන ලෙස රැහැනින් බැඳ දා පවුරූ
සතුට ගෙන දිය හැකි ඔබ හැර ඇති දෝ කවුරූ
දිනෙක රන් සළු පළඳා
සඳ නැඟි මේලාවෙන්
පැමිණ ඔබ ගෙන යමි කුමරියෙ
පෙම් දෝලාවෙන්
වියළි මඟ මහ වැලි කාන්තාර පසු කරවා
පවස සංසිඳවන ලෙස දිය උල්පත් අරවා
පරව ගිළිහෙන තුරු සියොළඟ කළු සළු පොරවා
ඔබය දිය යුතු හිස් වන විට දිවි විත පුරවා
දිනෙක රන් සළු පළඳා
සඳ නැඟි මේලාවෙන්
පැමිණ ඔබ ගෙන යමි කුමරියෙ
පෙම් දෝලාවෙන්....//