දිනක මගේ දිව් ගමනේdhinaka magee dhiw gamanee

Dinaka Mage Diwi

ගී පද

දිනක මගේ දිව් ගමනේ 
මට හිමි නැති හදවත ඔබගේ 
කාටත් කලින් මාගේ වෙන්න
ආයේ ලබන ජන්මයේ
ඔබේ අත ගන්නට ඒ භවේ
දිනක මගේ දිවි ගමනේ.......

හමුවෙලා රැදුනෙ කාලයේ මාගේ ලගින් ඔයා
වරදවා දැනුනෙ හිත ඔබේ ආදරෙයි මට කියා
මට සමා වනු මැනේ වරද කෙරුවත් එදා
කාටත් කලින් මාගේ වෙන්න
ආයේ ලබන ජන්මයේ
ඔබේ අත ගන්නට ඒ භවේ
දිනක මගේ දිවි ගමනේ......

සැනසිලා ඉන්න පෙම්වතුන් දකින විටත් මෙදා
සීහිවෙලා ඔබව නෙතු මගේ පාලුවෙන් තැවෙනවා....
මට ඔයා වටිනවා ජිවිතෙටත් වඩා
කාටත් කලින් මාගේ වෙන්න
ආයේ ලබන ජන්මයේ
ඔබේ අත ගන්නට ඒ භවේ

දිනක මගේ දිවි ගමනේ........