ගී පද
දින සති ගෙවී ඔබ නොදැක මං හිත පිරෙනවා පාළුවෙන්
යන්තම් හරි දැනුනොත් මෙමා පෙර සේම ඉන්නකෝ ළඟින්
ඔබ මාව දන්නවා කාටත් වඩා ඔබ නැතිව මට බෑ කියා
ඉරණමට අත වනනවා ඉවසන්න සිත කියනවා.......
මට නම් අනේ තවකෙක් එපා
මට තාම ඔබ වටිනවා ඉස්තරම්
දිනයක මගේ දැනුනොත් අගේ
මම ඔබව රැකගන්නවා පණ තරම්......
හැරගිය තැනින් මම නැවතිලා
හිත තාම ඔබ හොයනවා
පැතුමන් දරන් ඔබ එයි යළිත්
මම ඉන්නේ තව මග බලන්.......
මට ඔබව ඕනේමයි හිත ඉල්ලලා
මට නිතර හිරිහැර කළා
මට ඔබව ඕනේ කියා
හිත නිතර හිරිහැර කළා.......
මට නම් අනේ.......