දිගු රෑ පුරා තරු විහිදිලාdhigu rae puraa tharu wihidhilaa

Digu Ra Pura Tharu Wihidila

ගී පද

දිගු රෑ පුරා තරු විහිදිලා පිනි හීන පාවී රෑ පුරා
නුඹ නෑ කියා හිතමත් බිඳිලා බිඳුණු පෙම පාරා මා දවා
අයාචනා නෑසී ගියා මා චේතනා පාරා තියා
පේන හීන ගානේ මා හඩා

මගෙ දෑසිනා සෝ වැහිලා දිසි හීන රෑනේ බොඳ වෙලා
පෙම  නාමිනා දිවි පාමිනා සැඟවෙති හෘදේ කාරණා
අයාචනා නෑසී ගියා මා චේතනා පාරා තියා
පේන හීන ගානේ මා හඩා

විඳි වේදනා කළ චෝදනා තනියේම සිතෙහි මා දරා
තරු ගණිනා දුක වෑහෙනා තනිවෙමි සසරේ මා සදා
අයාචනා නෑසී ගියා මා චේතනා පාරා තියා
පේන හීන ගානේ මා හඩා