දිගැස් කොනින් බැලුම් හෙලනdhigaes konin baelum helana

Digas Konin Balum Helana

ගී පද

දිගැස් කොනින් බැලුම් හෙලන
පිරුනු දෙකම්මුල් බබලන
පිරුනු වටොර දඟ යුග මෙන
ලඳක් දිනෙක මට හමුවුන...//

වලාකුලේ එහා සිටන්
ඔබ මෙලොවට වරෙන් ලියේ
කලාමැදිරි එළි දල්වා
හඳ පානේ වරෙන් ලියේ...
ගලා බසින ගඟුලැල්ලේ
පෙන බුබුලක වරෙන් ලියේ
බලා ඉඳිමි ඔබ එනතුරු
මලානිකව හැඟුම් ලයේ...

[සුදු සේලය ඇඳ බඳ වට
වලාකුලක නැගිලා
එයි මා වෙත හඳපානේ
මගෙ ලඳ මා සොයලා...]//
[එයි මා වෙත හඳපානේ
මගෙ ලඳ මා සොයලා...]///