ගී පද
පුංචි නුඹේ මල් කැකුළු සිනහවෙන්
මා විකසිත් වෙද්දී
නුඹේ සිනහ මුව ලස්සන රහසක්
මට කීවා දම්මි... මට කීවා දම්මි...
හද තුල සැඟවුණු ආදර හැඟුමන්
අවදිවෙලා එද්දී
නුඹ මගේ තුරුලට ඔසවා ගන්නට
මට සිතුණා දම්මි... මට සිතුණා දම්මි...
කාත් කවුරුවත් නැති බව පැවසූ
දින මගේ හිත සෙල්ලී
නුඹේ සිනහා මගේ හිත යට කඳුලක්
ඉතිරි කලා දම්මි... ඉතිරි කලා දම්මි...
පුංචි නුඹේ මල් කැකුළු සිනහවෙන්..../