ගී පද
දෙයක් කියන්නම් සඳසාවියේ
තැනක් තියෙනවා හද මණ්ඬලේ
කලක් බලා සිටිය සිතක් කඩා වැටුණා
තවත් ඉතින් නම් මට බෑ ප්‍රියේ.....//
පැයක් පැයක් ගානේ දිනක් වගේ දැනුනේ
මලක් දුටුව ගානේ ඔබේ මුහුණයි පෙනුණේ
මා සිතුම් සුළඟේ පාවුණා රහසේ.....
දෙයක් කියන්නම්.....
රැයක් රැයක් ගානේ ඔබේ ගැනයි සිතුවේ
ජීවිතයම ඔබ හා ඉන්නටයි ඕනේ
මා සදා පැතුවේ ආදරෙයි ඔබගේ.....
දෙයක් කියන්නම්.....//