දේවාශිර්වාදයකින්dheewaashirwaadhayakin

Dewashirwadayakin

සංගීතය:
අශාන් ප්‍රනාන්දුashaan pranaandhu
පද රචනය:
චතුර රත්නායකchathura rathnaayaka

ගී පද

දේවාශිර්වාදයකින්මයි ඔයාව මට ලැබුණේ
මගේ පවක් ඇති ඒ හින්දයි අපි දැන් වෙන් වෙන්නේ
මට මාගේ අඩු පාඩුකම් පෙන්නුවා නම් නුඹ කලින්
මාත් මිනිහෙක් වෙලා ඔයා ළඟ ඉන්නවා.....

ඔයා කිව්ව දේ කණට ගත්තේ නෑ ඔයාට විහිළු කළා
මටත් වඩා ගැලපෙන අය  ඉද්දී මගේ තුරුලේ හිටියා
පැරදුණා ආදරේ මං නුඹේ දෙපයේ දූවිලි වගේ
මට මාගේ අඩු පාඩුකම් පෙන්නුවා නම් නුඹ කලින්
මාත් මිනිහෙක් වෙලා ඔයා ළඟ ඉන්නවා.....

හොයන්න බෑ මැණිකක් නුඹ වගේ ආත්ම දෙක තුනකින්
ගියපු තැනක සතුටින්ම ඉන්න මගේ ආශිර්වාදේ අරන්
මට මාගේ අඩු පාඩුකම් පෙන්නුවා නම් නුඹ කලින්
මාත් මිනිහෙක් වෙලා ඔයා ළඟ ඉන්නවා.....

දේවාශිර්වාදයකින්මයි.....