දෙවැනි පෙම්වතාdhewaeni pemwathaa

Dewani Pemwatha

සංගීතය:
සමීර වීරසිංහsamiira wiirasinha
පද රචනය:
රෝෂිනි රත්නායකrooshini rathnaayaka

ගී පද

දෙවැනි පෙම්වතා වෙන්නට තිබුණත් වරම්
මා හැර ගියා ඔයා පවසා ඔහුගේ හිමිකම් 
අහිතක් නැතේ ගියාට ඔබ සමුඅරන්
තවමත් හිතේ තියෙනා සෙනෙහස අරන්
පාළුව විඳන් දුක් වෙමි ඈතට වෙලා
ශාප නොකරමි මතකයට ගිනි අවුලලා.......

මුල් පෙමත් ඔහුට දී ඔහුගේම වී
ඔහු සැනසුවේ ඔයා තුරුලටම වී
දැන දැන පෙම් කළේ මං මුලා වී
හඬන්නේ නැතිව හිතින් අද වැලපී......

දෙවැනි පෙම්වතා වෙන්නට තිබුණත් වරම්
මා හැර ගියා ඔයා පවසා ඔහුගේ හිමිකම්.......

අන්සතු ඔයා පැතු මා වරදැති
දුක ලැබුණේ මේ හිතට ඒ හින්දැති
නොලැබෙනා බව දැනත් තව හිත ඇති
පෙර කරපු පව නිසා වෙන් වෙන්නැති.......

දෙවැනි පෙම්වතා........