දෙව් දුවේdhew dhuwee

Dew Duwe

ඇල්බමය
Adambara Neth Himikari
සංගීතය:
Mihira Sa
පද රචනය:
නිමාෂා දෙව්දුනිnimaashaa dhewdhuni

ගී පද

සඳ රැසේ දිඳුල දිඳුල සරනා 
ශුන්ගාර පෙම් නිමල දෙවොලේ තිබෙනා 
සඳ රැසේ පුද දෙමී ආදරේ සදා කල් 
නෙතු මගේ ඔබේ වෙලා රැඳී ඉන්න සසරේ 
සඳ රැසේ ...

සිතම ඔබේ පතා මං
සසරෙහි ආයේ මඟ රකින්නම් 
දෙව් දුවේ සිත් විලේ සිතෙන් රැදුම සනහා 
සඳ මමයි නුඹේ ලොවේ රැදෙන්න කඳුල සඟවා 
දෙව් දුවේ නොයමි සඳා හැරදා 
දෙව් දුවේ...

ප්‍රේම සොඳුරු තනුව ගැයූ ඒ කින්නරාව 
ජීවිතේ පුරා ගැයේ ගීතය ඔබේ හදේ 
සඳා රැඳී මගේ වෙලී හිඳී සිනා මලේ 
ශුන්ගාර ගීතයෙන් නිවා දමයි තැවුල් හදේ  
උණුහුමේ වේලිලා ඉන්නේමී සදා කල්
රන් හුයෙන් බැඳිලා වෙමු අපේ 

සඳ රැසේ දිඳුල දිඳුල සරනා 
ශුන්ගාර පෙම් නිමල දෙවොලේ තිබෙනා 

සුසුම් පවන් මතින් නුඹේ දෙතොල් සැලී 
ගයාවි ආදරේ මධුර සුව ගෙනේ 
සඳ නුඹ රැස් දෙවනා බැස නොයන් හදින් ඔබේ 
දුක සැපද අමා රසින් විඳිමු ජීවිතේ 
ඉරි තැලී පුරන් වූ අඳුරු ජීවිතේ මේ 
මල් පිපී වසත් සමේ මෙසේ 

දෙව් දුවේ.. සඳ රැසේ.. දෙව් දුවේ 
සිතම ඔබේ පතා මං
සසරෙහි ආයේ මඟ රකින්නම් 
දෙව් දුවේ සිත් විලේ සිතෙන් රැදුම සනහා 
සඳ මමයි නුඹේ ලොවේ රැදෙන්න කඳුල සඟවා 
දෙව් දුවේ...