ගී පද
දෙව්නර නන්දිත සීල සුගන්දිත
සමිද ඔබයි තුන්ලොවටම පින් කෙත
බැති කුසුමින් ඔබ පා පුදනෙමි
සෑසි පියේ තුන් ලොව සදහම් ....
අවිදු අඳුරේ සසර ඇවිදින
හසර නොදකින දෙව් නරන් වෙත
මහා කරුණා බුදු එළිය පාමින්
මග අඳුරු දුරු කළ පියේ
පාපියුම් නමදිමි ඔබේ ....
ඈත හිමවත ගිරි මුදුන් සිප
වළාකුළු නැති නිල් අහස් ගැබ
කිරණ දහරින් ලොවම සනසවමින්
දිලෙන සඳ ලෙස ඔබ උදාවුනි
ලොවටම සිසිලස ඔබ බෙදා දුනි ....