ගී පද
දෙවුරේ දිලෙනා
සොඳ මුතු මාල පළඳන්නා
දෙකනේ ලෙළෙනා
රන් මිණි තෝඩු දවටන්නා
හඳයෝ හැමදා
නුඹ පණ සේම රැකගන්නා
දෙවුරේ දිලෙනා
සොඳ මුතු මාල පළඳන්නා
සමනොළ මළුවේ රන් වැලි වෙහෙරේ
මුදුනත සේම මට දැනෙනා
සොබනිගෙ සෙනෙහේ ගෙපැලට වඩනා
සුබ හෝරාව ළං වෙනවා
යමු රජුනේ පමා වෙනවා
හඳයෝ හැමදා
නුඹ පණ සේම රැකගන්නා
ගොම මැටි ඇතිරූ තනිකඩ ගෙපැලේ
සිරිලිය සේම ඈ හිඳුවා
ගම්මානෙ පුරා කල එළි කරවා
මම හද්දා මගුල් කනවා
මේ පින් උඹට පිහිටනවා
දෙවුරේ දිලෙනා....