ගී පද
ඔබ නිසාම දිවියේ ලද නිසා වසන්තේ
නයගැතී සදාකල් ජීවිතේ පුරා
මිල නොවෙයි ඔයාගේ ඉස්තරම් සෙනෙහේ
කරගමි පරිස්සම් හුස්ම සේ සදා
ලෝකයට මාගේ ලැබුණා ලෝකේ
සෝ තැවුල් සැණෙකින් සේදුවා......
දෙවියන්ද මැව්වේ මට ඔයා
රජ වෙන්නේ ඇයි මේ හිත පුරා
දෙවියන්ද මැව්වේ මට ඔයා......
හා..... පෙර පිනක් හින්දා හිමි වුණා
දෙවියන්ද මැව්වේ මට ඔයා......
ඔබගෙන් එහා හෙටකින් ඔයා
හසරැලි ගෙනාවා පුළුවන් තරම්
වියතක් දුරින් ඉන්නට එපා
මහමෙර තරම් දැන් එය දැනෙනවා
ඇත්තමයි කියන්නේ හුස්ම මේ වැටෙන්නේ
සිනහා දුන්නු හින්දයි ඔබ මගේ වෙලා......
ලෝකයට මාගේ ලැබුණා ලෝකේ
සෝ තැවුල් සැණෙකින් සේදුවා......
දෙවියන්ද මැව්වේ........
දහසින් කෙනෙක් ඔබ මෙන් සදා
ඉර හඳ යටින් නෑ නෑ හමු වෙලා
මතු එක් භවෙන් හිතවත් වෙලා
හෙවණට මගේ සොයා එනවද ඔයා......
අයිති වෙද්දී ඔබගේ ආදරේට රහසේ
දැනුණා ජීවිතේ මං විඳිනවා කියා
ලෝකයට මාගේ ලැබුණා ලෝකේ
සෝ තැවුල් සැණෙකින් සේදුවා......
දෙවියන්ද මැව්වේ........