ගී පද
ආදරේ...// හිත දනවා ඔබේ ආදරෙන්
ඇයි ප්රි.යේ...// ඔබ හැංඟෙන්නේ මගේ ආදරෙන්
නෑ ප්රිියේ...// මම හැංඟෙන්නේ නෑ ආදරෙන්
ආදරේ...// මගේ දෙවියා ඔබයි ආදරේ
ජීවිතේ...// මගේ දෙවඟන ඔබයි ආදරේ
ආදරේ...// මගේ දෙවියා ඔබයි ආදරේ...
පෙම්පාට මුහුණේ පින්වන්ත බැල්මේ ආරාධනාවක් කළා
ශෘංගාර ළමැදේ රණහංස නැටුමේ උතුරාවී ආශා ගලා
ඔබේ රතු පාට තොල් පෙත්තේ අමරසය තොලලන්න
ඉඩ දෙන්න රසලාලීනී...
මේ සංසාරේ හැමදාම හෙවනැල්ල වී ඉන්න
මිය යනතුරා ජීවිතේ...
ආදරේ...// මගේ දෙවඟන ඔබයි ආදරේ...
රස රහස ගලපන්න ඔබේ තුරුලේ සැතපෙන්න
ඉඩදෙන්න සුහදාණෙනි...
ඒ පහස විඳගන්න ලැබදෙන්නේ ඔය කඳුළු
සිප ගන්න මා ප්‍රේමියේ...
මගේ සියො ළඟම දැවටෙන්නේ ඔබේ ප්‍රේම සුළි සුළඟ
තවරා පැතුම් ආදරේ
මේ සංසාරේ හැමදාම හෙවනැල්ල වී ඉන්න
මිය යනතුරා ජීවිතේ...
ආදරේ...// මගේ දෙවියා ඔබයි ආදරේ...
ආදරේ...// හිත දනවා ඔබේ ආදරෙන්
ඇයි ප්රි.යේ...// ඔබ හැංඟෙන්නේ මගේ ආදරෙන්
නෑ ප්රිියේ...// මම හැංඟෙන්නේ නෑ ආදරෙන්
ආදරේ...// මගේ දෙවියා ඔබයි ආදරේ...//
ජීවිතේ...// මගේ දෙවඟන ඔබයි ආදරේ
ජීවිතේ...// මගේ වස්තුව ඔබයි ජීවිතේ...