ගී පද
(දෙතුන් වතාවක් ඔබ ඇමතූ වෙමි
සැප දුක් සොයා බලන්න
මගේ දුරකතනයෙ අංකය මතකද
මොහොතක් කතා කරන්න...//)
(රුව දැක ගන්නට පින් නැත දැන් මට
මතක් උනත් සන්තෝෂයි
කෙලින්ම සවනට වැකෙන ඔබේ හඬ
අහගන්නට හරි ආසයි...//)
දෙතුන් වතාවක්....
(ඇසිපිය හෙලනා තරමට වැඩියෙන්
ඔබ ගැන මට සිහිවෙනවා
ඉකිබිඳ හඬනා කිරි දරුවෙකු මෙන්
මගෙ හදවත වැලපෙනවා...//)
දෙතුන් වතාවක්....//