දෑස තෙමිලා හීන පෙඟුනාdhaesa themilaa hiina pengunaa

Desa Themila

ගී පද

දෑස තෙමිලා හීන පෙඟුනා
ඔබට තිබු ආදරේ හින්දා
ඔබම පතලා සිතැඟි ගලපා
ආදරේ ටජ් මහලක් බැන්දා

සුවඳ හමනා සුළඟකට මා
ඔබෙන් ලද සියල්ල දන් දුන්නා
හිතද හැදුනා දුකද දැනෙනා
වෙනතකට ජීවිතේ දුන්දා

දෑස තෙමිලා හීන පෙඟුනා
ඔබට තිබු ආදරේ හින්දා

දුක නැල්ලූ ආදරේ
උණුසුමෙන් ඈත් නොවේ
අමතක කලත් මෙසේ
මතකේ හෙටත් තියේ
පිළිගන්න බෑ ලඳේ
පලිගන්න නම් නොවේ
එහෙනම් වෙනස් වුනේ
දෛවයයි වෙන් කලේ

දෑස තෙමිලා...

ජීවිත පොතේ ඇයි පිටු වෙන් කලේ
ඔබේ ආදරේ වෙනුවෙන් ලඳේ
සැමරුම් තබා ඇයි පිටුපා ගියේ
අදහන්න බෑ සත්තයි ප් ‍රියේ

දෑස තෙමිලා හීන පෙඟුනා.....//