දෙනුවන් හඬන්නේdhenuwan handannee

Denuwan Hadanne

සංගීතය:
කසුන් ප්‍රිමාල්kasun primaal
පද රචනය:
චතුර රත්නායකchathura rathnaayaka

ගී පද

දෙනුවන් හඬන්නේ ඇයි මහද ගොලු වෙලා
අසරණයි අන්ධකාරේ මගේ හිත තනි වෙලා
පාලු දිවියේ පුරා නුඹෙ සුවද ලං වෙලා
සඳ එළිය කෝ මගේ ලඟ මං තාම තනි වෙලා
මං තාම තනි වෙලා

ආලෙන් වෙලෙන්නේ වෙන් වෙන්න නම් 
සසරේ පතන්නේ ඇයි මේ තරම් 
කඳුළු වැටෙනා කොපුල් තෙමිලා 
අසරණයි මං 
ඇයි හැර ගියේ ඔයා සෙනෙහස අරන් 

දෙනුවන් හඬන්නේ ඇයි මහද ගොලු වෙලා
අසරණයි අන්ධකාරේ මගේ හිත තනි වෙලා

සංසාර ගමනේ කෙලවර කියා 
හැර යන්න බෑ ඔයා තනියම තියා 
සිනහ මැකෙනා කඳුළු පිරිලා 
ළඟ නෑ ඔයා 
නවතිමි නඟේ හුවා දෙනුවන් තියා 

දෙනුවන් හඬන්නේ...